ඩිජිටල්කරණය වූ මුදල් භාවිතය
ඩිජිටල් මුදල් (digital
money/emoney), නැතහොත්
ක්‍රිප්ටොකරන්සි (cryptocurrency) වර්ග අතර වර්තමානයේ ඉතා ප්‍රචලිතව තිබෙන බිට්කොයින්
(Bitcoin), සාම්ප්‍රදායික
මුදල් ඒකක වෙනුවට අන්තර්ජාලය හරහා ගනුදෙනු කිරීම පිණිස පමණක් භාවිත කළ
හැකි මුදල් වර්ගයකි.
මෙම මුදල් ඒකකය
සම්පූර්ණයෙන්ම සංසරණය වන්නේ අන්තර්ජාලය තුළය. මෙය රුපියල්, ඩොලර්, පවුම්, යුරෝ වැනි තවත් මුදල්
ඒකකයක් වුව ද Bitcoin වල හැසිරීම
පාලනය කිරීමට බැංකුවක්, පුද්ගලයෙක්
හෝ ආයතනයක් නැත.
එය, දිනෙන් දින වැඩිවන
මුදල් අවශ්‍යතා පාලනය කිරීම පිණිස නිර්මාණය කර ගන්නා ලද මුදල්
ඒකකයකි. Bitcoin එයටම
අනන්‍ය වූ ජාලයක් තුළ සැරිසරන අතර, මෙම මුදල් වර්ගය පරිහරණය කරනු ලබන්නේ එම ජාලයේ පරිශීලකයන්
විසිනි.
Bitcoin මෘදුකාංග පිටපත් කළ
නොහැකිද?
ලෝකයේ අවධානය දිනා
ගත් මේ ඩිජිටල් මුදල් වර්ගය ඉතා සංකීර්ණ මෘදුකාංගයක් වීම හේතුවෙන් එය
පිටපත් කිරීම සහ ව්‍යාජ ලෙස නිපදවීම කළ නොහැකි බව විශේෂඥයන්ගේ මතය වී
තිබිණ.
එහෙත් පසුගිය සතියේ
ස්ලෝවේනියානු Bitcoin ජාලයකට
අනවසරයෙන් ඇතුළු වූ හැකරුන් Bitcoin 4,700 ක් සොරා ගෙන ඇති අතර
එහි වටිනාකම ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 80 ක් පමණ වන බවට වාර්තා
වේ. මෙම මහා සොරකම මගින් Bitcoin වල වටිනාකම පහළ වැටිය හැකි බවට අනාවැකි පළ වුවත්, ඉන් අනතුරුවත් දිනෙන්
දින එහි අගය ඉහළ යාම පිළිබඳව ලොව ආර්ථික විශේෂඥයෝ විශ්මය පළ කරති.
ගබඩා
කරන්නේ කෙසේද?
එදිනෙදා සිදු කෙරෙන
මූල්‍යමය ගනුදෙනු පිණිස අවශ්‍ය මුදල් අප බොහෝ විට රඳවා තබා ගන්නේ
පසුම්බියකය. එම සරළ අදහස ඩිජිටල්කරණය වී, මෘදුකාංගයකින් නිර්මාණය කළ
පසුම්බියක Bitcoinරඳවා
තබා ගත හැකිය.
මෙය Bitcoin
Wallet ලෙස
හඳුන්වනු ලැබේ. එය 'ඇප්'
(App) එකක්
වන අතර එම Bitcoin Wallet සේවාවන්
ලබා දෙන ආයතන සහ සංවිධාන මේ වන විට ලෝකය පුරා විශාල ප්‍රමාණයක් ආරම්භ කර
තිබේ.
ඒ අතරින් සිය ආයෝජන
සඳහා විශ්වසනීය ආයතනයක් තෝරා ගැනීම පාරිභෝගිකයා සතු වගකීමකි. කිසිවෙකු Bitcoin
වලින් ගනුදෙනු කිරීම
ආරම්භ කළ පසු ඒ සියලු ගනුදෙනු පිළිබඳ විස්තරාත්මක සටහන් මෙම Bitcoin
Wallet හි
සඳහන් වේ.
Bitcoin මිලදී ගන්නේ කෙසේ ද?
ක්‍රෙඩිට් කාඩ් පත
භාවිත කරමින් Bitcoin මිලදී
ගත හැකි වුවත්, මේ
වන තුරු
ශ්‍රී ලංකාවට එම පහසුකම ලබා දී නැත. මේ හේතුවෙන් ශ්‍රී ලාංකික ආයෝජකයෙකුට
දැනට Bitcoinමිලදී
ගත හැකි වන්නේ ඒවා හුවමාරු කරන (Exchange) ආයතනයක් හෝ සංවිධානයක් හරහා පමණි.
ඩිජිටල් මුදල් වලට
ඇති ඉතා ඉහළ ඉල්ලුම හේතුවෙන් පැය ගණනක් ඇතුළත Bitcoinවල වටිනාකම ඉහළ ගිය අවස්ථා දැකිය හැකි
විය. වරක් Bitcoin එකක
මිල ඇමරිකානු
ඩොලර් 18,000 ක්
ලෙස වාර්තා වුවත් පසුව එම අගය නැවත ඇමරිකානු ඩොලර් 13,963 දක්වා පහත වැටී ඇති
බව දකින්නට ලැබිණ.
Bitcoin ඒකකයක්
සෑදී ඇත්තේ කුඩා කොටස් 100,000,000 කිනි. මෙය සත හෝ පැන්සවල එකතුවකින් ඉහළ අගයක් ඇති මුදලක්
සෑදෙනවා හා සමානය.
මේ හේතුවෙන් Bitcoin
ඉතා කුඩා ප්‍රමාණයක්
පවා මිලදී ගැනීමේ හැකියාව ද තිබේ. කිසිවෙකුට මිලදී ගත හැකි කුඩාම Bitcoin
ප්‍රමාණය 0.00000001 ක් වන අතර
මෙම කුඩාම ඒකකය හඳුන්වනු ලබන්නේ Satoshi යන නමිනි.
එදිනෙදා
ගනුදෙනු කළ හැකි ද?
තමන් මිලදී ගන්නා
භාණ්ඩ හෝ සේවාවන්ට Bitcoin වලින්
ගෙවීම් කළ හැකි ආයතන, අවන්හල්
සහ වෙබ් අඩවි ගණනාවක් තිබෙන අතර දුරකථනය හෝ පරිගණකය භාවිත කර ගිණුම්
අතර මුදල් මාරු කර (transfer) ඒ
සඳහා ගෙවීම් කළ හැකිය.
Bitcoinවල විශේෂ ලක්ෂණ
•ඉතා සංකීර්ණ ඩිජිටල්
තාක්ෂණික ක්‍රියාවලියක් වන Bitcoin miningහරහා Bitcoin නිර්මාණය කරන ආයතන හෝ පුද්ගලයන්
හඳුන්වන්නේ Bitcoin miners යන නමිනි.
Bitcoin source code හරහා
පනවා ඇති සීමාවන්ට අනුව ලෝකයේ සංසරණය විය යුත්තේ මිලියන 21ක Bitcoin ප්‍රමාණයක් පමණය.
•Bitcoin කිසිම
පුද්ගලයෙකුට, බැංකුවකට,
ආයතනයකට හෝ
සංවිධානයකට අයත් නොමැති වීම මෙහි ඇති විශේෂත්වයය.
•Bitcoin හි
ප්‍රධාන ලෙජරය Block Chain නමින්
හඳුන්වනු ලබන අතර එම ජාලය ඇතුළත සිදුවන සියලු ගනුදෙනු මෙම ලෙජරයේ
ස්වයංක්‍රීයව සටහන් වේ. මේ හේතුවෙන් ලෝකයේ නන් දෙස සිදුවන
Bitcoinගනුදෙනු
එහි සිටින සියලු ආයෝජකයන්ට 100% ක්ම විවෘතව
දැක ගත හැකිය. නමුත් Block Chain ලෙජරයේ තිබෙන ගිණුම් හිමියන්ගේ විස්තර කිසිදු
ආකාරයකින් හෙළිදරවු නොවේ. අන්වර්ථ නාමයක් යටතේ වුවද Bitcoin ගිණුමක් පවත්වාගෙන යා
හැකිය. මෙම ජාලය Bitcoin ගිණුම්
හිමියන් හඳුනාගන්නේ එම මෘදුකාංගයට අනන්‍ය වූ විශේෂ ක්‍රමවේදයක්
හරහාය.
•කිසිම මූල්‍ය ආයතනයක
හෝ බැංකුවක සහාය නොමැතිව ලෝකයේ ඕනෑම රටකට ඕනෑම මුදල් ප්‍රමාණයක්
සැණින් යැවීමේ හැකියාව Bitcoin වල
තවත් සුවිශේෂි ලක්ෂණයකි. රටකින් රටකට මුදල් ගෙන්වා ගැනීමේදී හෝ මාරු කිරීමේදී
අනුගමනය කරන සාමාන්‍ය ක්‍රම සහ නීති රීති Bitcoin ගනුදෙනු වලට අදාළ නොවේ. මේ හේතුවෙන්
Bitcoinවලින්
ගනුදෙනු කිරීමේදී කිසිවෙකුට සේවා ගාස්තු හෝ අතිරේක ගෙවීමක් සිදු
කළ යුතු නොවේ.
කෙසේ වෙතත් පසුගියදා ඇමරිකාවේ චිකාගෝ
නුවර ප්‍රධාන පෙළේ මුදල් හුවමාරු කරන CBOE ආයතනය Bitcoin ගනුදෙනු ආරම්භ කිරීමත් සමගම මෙම
පෙරළිකාර ඩිජිටල් මුදල් වර්ගයට තවත් වටිනාකමක් සහ වැඩි ආරක්ෂාකාරී බවක් අත් වී තිබේ.
0 comments: